
ඉතිහාසයෙන් බිඳක්:
විහාරස්ථානයේ නම : සමන බැද්ද සිරි ධම්ම රතන මහ පිරිවෙන්, පුරාණ වනවාසාරාම ගල්ලෙන් රජමහා විහාරය.
දුටුගැමුණු මහ රජතුමා එළාර රජු සමඟ යුධ වැදීම සඳහා සේනා සංවිධාන කිරීම හා ඔවුන්ට අවශ්‍ය බත සැපයීම වෙනුවෙන් (ආහාර ) දිගාමඩුල්ල රාජධානිය කරගනිමින් කුඹුරු අස්වැද්දීම සිදුකරනලද බව හමුවීඇති පුරාවිද්‍යාත්මක නටබුන් සාක්ෂි දරයි.එමෙන්ම ඒ පුරාවිද්‍යා ඉතිහාසය තුළ දිගාමඩුල්ල රාජධානියේ වනාන්තර ආශ්‍රයෙන් ලෙන් සෙනසුන් හි භාවනානුයෝගී මහ රහතුන් වැඩ සිටි බව කියවේ.එමනිසා ශ්‍රමණ බැද්ද පසුකාලයේදී සමන බැද්ද නමින් ප්‍රසිද්ධ වී ඇත.
තවද සමන්ගල, පියන්ගල, රජගල, පුළුකුණාව, බුද්ධංගල, දීඝවාපිය ආදී පුරාවිද්‍යා ස්ථානවල ඇති ඉපැරණි නටඹුන්, සෙල්ලිපි ආදී ඉතිහාසයේ විවිධ මූලාශ්‍ර වල සද්ධාතිස්ස රජතුමා රාජ්‍යත්වය කරමින් වැවු තනමින් වාරි කර්මාන්ත සිදුකරමින් (දීඝවාපිය වැව ) සශ්‍රීක කළ බව සඳහන් කළහැකි බව පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියන් පුරාවිද්‍යා ඉතිහාසය ගෙනහැර දක්වයි.
සමන බැද්ද වන අරණ තුල නටඹුන් වී ඇති පුරාණ දාගැඹ, ගල් කණු, මල් ආසන ආදී ශේෂ වී ඇති නටඹුන් තුලින් පුරාවිද්‍යා ඉතිහාසය පිළිබඳව අවබෝධ කරගත හැකි වේ.එදා මෙදා කාලය තුල ලෙන් විහාර රැක ගනිමින්, ප්‍රදේශයේ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් කැපවී තම අප්‍රතිහත සේවාව ලබාදුන් බෞද්ධ නා හිමි වරුන් අතරින් අපවත්වී වදාළ පංච භාෂා පරමේශ්වර අමුපිටියේ ධම්මරංසි නාහිමිපාණන් ගෞරවයෙන් සිහිපත් කළ හැක.
උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව වර්තමාන විහාරාධිපති නාහිමියන්ගේ ආගමික, සමාජීය, සංස්කෘතිමය සේවාව තුලින් ආගමික ප්‍රබෝධය ඇතිකරලමින් දිගාමඩුලු පුරවරයේ දර්ශනීය බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ගන්නා උත්සාහය කාගේත් පැසසුමට ලක්වී ඇත.උන්වහන්සේ ප්‍රදේශයට සිදුකරන සේවාව අගය කරමින් පසුගිය 2018 වර්ශයේදී උඩරට අමරපුර මහා නිකායේ සාමග්‍රී සංඝ සභාව විසින් පහත සඳන් පරිදි,
සද්ධර්මාචාර්ය ශ්‍රී ධර්මාරාම ධර්මරංසි වංසාවතංස උඩරට අමරපුර මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් සිරි දිගනේ සිරි තිලකසිරි නාහිමිපාණන් වහන්සේ වෙත පුදනු ලැබූහ.
අපගේ ආරම්භය,
සමනබැද්ද සිරි ධම්ම රතන පිරිවෙන් විහාරස්ථ චෛත්‍ය සංවර්ධන සමිතිය.
වර්තමාන විහාරාධිපති සිරි දිගනේ සිරි තිලකසිරි නාහිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතියෙන්, පුරාවිද්‍යා භූමිය තුළ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමේ මූලික කටයුතු 2019 අගෝස්තු මස 22 දින ශුභ මූර්තියෙන් ආරම්භ කරන ලදි.
මේ සඳහා "සමනබැද්ද සිරි ධම්ම රතන පිරිවෙන් විහාරස්ථ චෛත්‍ය සංවර්ධන සමිතිය" පිහිටුවා ගන්නා ලදී.
අප සමිතියේ විස්තර පහත පරිදි වේ,
සමිතියේ නාමය:- සමනබැද්ද සිරි ධම්ම රතන පිරිවෙන් විහාරස්ථ චෛත්‍ය සංවර්ධන සමිතිය.
ලිපිනය:- සිරි ධම්ම රතන මහා පිරිවෙන්, පුරාණ වනවාසාරාම ගල්ලෙන් රජ මහා විහාරය, සමන බැද්ද, උහන.
දුරකතන අංකය:- 0632250395
බැංකු ගිණුම් අංකය:- 106261003584
බැංකු ගිණුමේ නම:- සමනබැද්ද සිරි ධම්ම රතන පිරිවෙන් විහාරස්ථ චෛත්‍ය සංවර්ධන සමිතිය.
සම්පත් බැංකුව- අම්පාර ශාඛාව.